තමා ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවේ ඔහු අනෙකුත් රාජපක්ෂවරුන් මෙන් හොරෙකු නොවන නිසා බවත්, එලෙස බලයට ගෙනා ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභයගේ බෑණා විසින් ගෙදර යැවූ බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මොනෑෂ් සරසවියේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ,

“කොවිඩ් එන්නත් ගහලා මැරුණු අය ගැන වාර්තා වුණා සහ තවමත් වාර්තා වෙනවා. නමුත් පැණිය බීලා මැරුණ අය ගැන වාර්තා වුණා ද? නැහැ. එතකොට නයාත් දේශීයයි. පැණියත් දේශීයයි. දේශීය දේවල් දරාගන්න බැරි ලොකු අහවල් අමාරුවක් තියෙනවා ගොඩක් අයට. මේ නයා ආවානම් වෙන කොහෙන් හරි ඌ හොද නයෙක් වෙනවා. පැණිය ආවා නම් ෆයිසර් ලේබලය ගහලා එහෙනම් අන්න පැණිය.”

කෙසේනමුත් තමන් දේශපාලනයට අකමැති නමුත් දේශපාලනය කිරීමට සිදුව ඇති බවත්, තමන් වැරදීමකින් හෝ ජනාධිපති වන්නේ නම් නව පාර්ලිමේන්තුවක් ඇති කරන බවත් ඔහු පවසයි.

සතුටු දැයක් වෙනුවෙන් තම ජයග්‍රහණය අවශ්‍ය බවත්, ඒ සඳහා ජාතිකත්ව දේශපාලන කොටස් සමගින් ජයග්‍රහණය කරා යන බවත් දිලිත් ජයවීර එහිදී පැවසීය.