නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපතට ආසන්නයේ අද (31) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.

එම භූකම්පනය රිච්ටර් මාපාංක ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර ඇත.

භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හා දේපල හානියක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

මෙමඟින් සුනාමි අවධානමක් ඇති නොවන බව ද එරට කාලගුණ අංශ සඳහන් කර ඇත.