10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද (18) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීම සිදු කළා.
ඊයේ (17) දිනයේ දී ද නව මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දීම සිදු වූවා.
ඒ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරුන් ලෙස අර්ජුන සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන් මෙලෙස පත්වූ පිරිසට අයත් වේ.