ඊයේ (27 ) දිනයෙ​න් නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය අවසන් වුණා.

සංජේ රාජරත්නම් මහතා​ගේ විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපති දෙපාර්තමේන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදන් හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත් වු බව වාර්තා වනවා.

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කළ අතර එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්දේශයට අවසර ලබාදීම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබුවා

ජනාධිපතිවරයාගේ නිර්දේශ​ය  එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවුණා.