කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පිරිසක් සමග ඊයේ (17) සිදුවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කරාපිටිය පිළිකා අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වෛද්‍යවරයා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවකට පහරදුන් බවට එල්ලවන චෝදනා හමුවේය.
සැකකාර වෛද්‍යවරයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.
කනිෂ්ඨ සේවකයින් විසින් පවත්වාගෙන ගිය උද්ඝෝෂණ වලට සම්බන්ධ වීම පිළිබද දොස් පැවරීමේදී වෛද්‍යවරයා හා මෙම සේවකයින් අතර උණුසුම් තත්වයක් ඇතිවී ඇත.
පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින් මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති අතර පසුව මෙකි සිද්ධිය සමථයකට පත්ව ඇත.