පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නැයි යෝජනා කරමින් තමන් විසින් පෞද්ගලික මන්ත්‍රී මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්. ඒ සුමන්තිරන් පවසා ඇත.

මෙම මන්ත්‍රී යෝජනාව ලබන 25 වනදා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බවද ඔහු සදහන් කර තිබේ.

මීට සති දෙකකට පෙර එම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන් බවද එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

වසර ගණනාවක් පැවැත්වීමට නොහැකිව ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති නීති පටලැවිල්ල තමන් විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රි යෝජනාවෙන් විසඳෙන බවත් එම යෝජනාව සම්මත කර ගැනීමට හැකි වුවොත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමති වරුන්ගේ සහයෝගය ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්මත වුවහොත් පළාත් සභා හා පළාත් පාලන යන මැතිවරණ දෙකම එකවැර පැවැත්වීමට හැකිවනු ඇති බවය.

රාජිනි මෙන්ඩිස්