චීනයේ බීජිං නගරයේ පිහිටි රෝහලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන බලධාරීන් නියෝග කර තිබේ.

එමෙන්ම මෙම සිදුවීමෙන් පුද්ගලයන් 21 දෙනෙක් මියගොස් ඇතැයිද වාර්තා වේ.

ඊයේ පස්වරුවේ එම ගින්න ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවට ගිනි නිවන අංශ වෙත චෝදනා එල්ල වී ඇත.

නමුත් එහිදී 70 දෙනෙක් පමණ සහන කණ්ඩායම් විසින් බේරාගෙන ද තිබේ.