ඉදිරියේදී කිරිපිටි මිල ගණන් පහළ හෙළීමට මෙරට ප්‍රධාන කිරිපිටි අපනයන ආයතන එකඟ වී ඇත.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලබා දීමටද නියමිත බව ද වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු පවසා තිබේ.

ගෝලීය වෙළෙඳපොළ මිල ගණන් වලට අනුගතව ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන කිරි පිටි වල මිල ගණන් අඩු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමසීම සඳහා ඊයේ (18) දිවයිනේ ප්‍රධාන කිරිපිටි අපනයන සමාගම්හි නියෝජිතයන් සමඟ පැවති  සාකච්ඡාවෙදි මෙසේ එකග වී ඇත.

මෙම අවස්ථාව සඳහා වෙළෙද අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් හා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක, වෙළෙඳ අමාත්‍යාංශ අධ්‍යක්ෂ කුමුදු මීගහතැන්න ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා දිවයිනට කිරිපිටි ආනයනය කරන ප්‍රධාන සමාගම්හි නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

නිර්මාණි ගුණරත්න