ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදු වී ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් සංචාරකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියානු ගුවන් සේවයට අයත් මෙම ගුවන්යානය වියානා වෙත පියාසර කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි.

ගුවන්යානය අධි බලැති විදුලි රැහැනක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වන අත​ර එම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගය වසා ඇති බව වාර්තා වේ.