පාස්කු සතිය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

අද (07) සිට මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා තිබේ.

අවශ්‍යතාව මත පොලිස් විශේෂ කාර්යය බලකාය හා යුධ හමුදාව කැඳවීමටද සූදානම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

ඒ අනුව දිවයිනේ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

නිර්මාණි ගුණරත්න