ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කල අතර පන්දුවාර 50 අවසනයේ කඩුලු 07ක් දැවී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 286ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 287ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 01ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 287ක් ලබා ගත් අතර, ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායමේ Soumya Sarkar පන්දු 66කදී ලකුණු 68ක්ද, නායක Najmul Hossain Shanto පන්දු 39කදී ලකුණු 40ක්ද, Mushfiqur Rahim පන්දු 28කදී ලකුණු 25ක්ද, Mehidy Hasan Miraz පන්දු 18කදී ලකුණු 12ක්ද, Tanzim Hasan Sakib පන්දු 33කදී ලකුණු 18ක්ද, ලබා ගැනීමට සමත් විය.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Towhid Hridoy පන්දු 102කදී නොදැවී ලකුණු 96ක් සහ Taskin Ahmed පන්දු 10කදී නොදැවී ලකුණු 18ක් ලබාගත් අත​ර Litton Das සහ Mahmudullah ලකුණු කිසිවක් නොලබා දැවී ගියේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග කඩුලු 04ක්ද, දිල්ශාන් මධුශංක කඩුලු 02ක්ද, ප්‍රමෝද් මධුෂාන් එක් කඩුල්ලක්ද දවාගගන්න ලදි.

අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113කදී ලකුණු 114ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සවියක් වීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 93කදී ලකුණු 91ක් ලබා ගැනිමට සමත් විය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ Shoriful Islam සහ Taskin Ahmed කඩුලු 02 බැගින්ද, Tanzim Hasan Sakib, Mehidy Hasan Miraz සහ Taijul Islam එක් කඩුල්ල බැගින්ද දවාගත්තේය.