ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ‍රිදී පදක්කම දිනාගැනීමට සමිත දුලාන් සමත්වුණා.

එහි දී මීටර් 66.49ක දක්ෂතාවක් වාර්තා ඔහු වාර්තා කර ඇත්‌තේ, එම ඉසව්වේ ප්‍රථම උත්සහායේ දී වීමත් විශේෂත්වයක්.

පැරා මළල ක්‍රීඩා ඉසව්වල F44 කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද F64 කාණ්ඩයේ තරග වදිනු ලබනවා.

ඒ හේතුවෙන් මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ F64 කාණ්ඩය යටතේ තරග කළ ඉන්දියානු ක්‍රීඩක සුමිත් වන අතර ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 69.50ක්.

තෙවන ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දිය ක්‍රීඩක සන්දීප් 60.41ක දුර ප්‍රමාණයක් වාර්තා කර තිබුණා.