පසුගියදා පැවති මැතිවරණයෙන් පසු පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිව ඇත.
ඒ අනුව පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝව හැඳින්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එයට හේතුව සර්දාරිගේ බිරිඳ වන පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝ ඝාතනයට ලක් ව මෙ වන විට මියගොස් ඇති බැවිනි.
ඒ හෙයින් ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරණය කර ඇත.
වර්තමාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටින අතර පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ ලෙස දියණියක පත් වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍යය සදහන් කරන්නේ.
කෙසේ වෙතත්, ඇයට පකිස්ථාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද හිමිවන බව සඳහන් වේ.