අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා

අදාළ දීමනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව එම නිවේදනයේ සදහන්

ඒ සඳහා පත්කළ කමිටු වාර්තා 2024.06.14 දින ලැබීමට නියමිතයි.

අනතුරු​ව එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩි කිරීමටත් අපේක්ෂිත බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්