අද (18)  රුසියානු ජනාධිපති ව්ලැදිමීර්  පුටින් උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

දෙදින සංචාරයක් සදහා රුසියානු ජනාධිපතිවරයා   උතුරු කොරියාවට යාමට සූදානම් බව ක්‍රෙම්ලීනය තහවුරු කර ඇති බව  විදෙස් මාධ්‍ය සදහන් කරයි

පසුගිය වසරේ  උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ රුසියානු සංචාරයේදී සිදු කෙරුණු නිල ආරාධනයකට අනුව රුසියානු ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන බව සදහන්

රුසියානු ජනාධිපතිවරයාගේ මෙ​ම  උතුරු කොරියානු සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව ඇති බවද  විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා