පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සඳහා මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක වේ.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය  නිකුත් කර ඇත.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව තිබිණි.

නිර්මාණි ගුණරත්න