බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊයේ (පෙබ:29) මෙම ගින්න හටගෙන ඇත්තේ, ඩකා අගනුවර පිහිටි අදාළ මහල් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය අවන්හලක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයන් 22 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසු වන බව බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

කෙසේ නමුත් ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර ගින්න මේ වන විට පාලනය කර ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.