එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකට සහභාගී වීමට සංචාර​ක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණ තිබෙනවා.

මෙම බටහිර ඉන්දීය කොදෙව් කාන්​තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය අප්‍රේල් මාසයේ දී පාකිස්තානයේ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 3-0ක් ලෙසින් ද සහ තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය  කර තිබෙනවා

ශ්‍රී ලංකා​වේ පැවැත්වෙන එක්දින තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.

මේ මස 15 වැනිදා සිට පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලිය 2022-25 ICC Women’s ශූරතාවලියේ තරග ලෙසිනුයි පැවැත්වෙන අතර ​මේ වන විට එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානය බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩිකාවෝ සතු කර ගෙන සිටින අතර ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

තරගාවලි සංචාරයට එක් කර තිබෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය 26 වැනි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකාරිනී Hayley Matthews වෙත පවරා තිබෙනවා.

සංචාරයට එක් වූ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

Hayley Matthews (captain), Shemaine Campbelle (vice-captain), Aaliyah Alleyne, Shamilia Connell, Afy Fletcher, Cherry Ann Fraser, Shabika Gajnabi, Chinelle Henry, Zaida James, Qiana Joseph, Chedean Nation, Karishma Ramharack, Stafanie Taylor, Rashada Williams, Kate Wilmott.