පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දරුවන් අතර මන්දපෝෂණය ඇතුළු පෝෂණ ඌනතාවයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව පවසයි.

ඔහු පවසන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කෘෂභාවයෙන් පොළෙන දරුවන් වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත්, 2022 වර්ෂයට සාපේක්ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රට පුරා දක්නට ලැබෙන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා වලට අනුව හෙළි වී ඇති බවයි.