පවතින භාණ්ඩ මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත්, රුපියල ඉතා සෙමින් ඉහළ යන බැවින් දැන් කළ යුතුව ඇත්තේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට පියවර ගැනීම බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කර සිටියි.

එළවළු වැනි ඇතැම් භාණ්ඩවල මිල නිතර උච්චාවචනය වුවද විදේශ විනිමය වැයකර ගෙන්වන භාණ්ඩ මිල අඩු අගයකට පැමිණ ඇති බවයි ඔහු සඳහ්න් කරන්නේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජය ක්‍රියාත්මක කරන ක්‍රියාපටිපාටියේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බවයි.