ඉකුත් සමයේ දී ඖෂධ ගැටලු හේතුවෙන් වාර්තා වූ රෝගීන්ගේ ඇස් අන්ධවීමේ සිද්ධීන්වලට මුහුණ දුන් රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.
අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ, එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි.
එහි දී අමාත්‍යවරයා පැවසුවේ, නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වූ බවත්, ඇතැම් අය පූර්ණ අන්ධ භාවයට පත් වූ බවත්, ඒ අය සම්බන්ධයෙන් සොයා බලා සාධාරණය ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කර ඇති බවයි.
ඒ අනුව අදාළ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් 17 දෙනෙකුට රජය මගින් වන්දු ලබා දීමට ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසුවා.
අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ,
“මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා.” යන බවයි.