බිල්ලන් මවා බලයට පැමිණ ගෝඨා මුලින්ම කළේ සිංහල බෞද්ධයන්ගේ බඩට ගැසූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (24) ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් එතුමා සදහන් කර සිටියේ ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගැනීමට බවත් විවාද පවත්වමින් සිට වැඩක් නැති බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අයට දඬුවම් දිය යුතු බවයි.

කබීර් හෂිම් මහතා තවදුරටත් සදහන් කලේ පළමුවෙන්ම ගෝඨාභය ඉතිහාසය ගැන ඉගෙන ගත යුතු යැයි ද මුස්ලිම් වරුන් සිංහල රජවරුන්ගේ කාලයේ සිටම පාලකයන් කිසිවෙකුත් පාවාදී නැති බවයි.

එතුමා මෙම අදහස් දක්වනු අද (24) දින පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින්ය.