මහජන අභිලාෂ ඉටු කරන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය ඉල්ලා සිටින බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධූරයේ වැඩ බාර ගනිමින් ප්‍රකාශ කළා.
පොදුජන යහපත උදෙසා ව්‍යාවස්ථා දායකයේ වගකීම ඉටුකිරීමේ දී අභියෝගාත්මක භූමිකාවක් තමාට දැරීමට සිදුවන බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.
අද (17) උදෑසන නව කථානායක ධුරයේ වැඩ අරඹමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින් සියලුදෙනා අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විශේෂ පොරොන්දුවක් ලබාදෙමින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස පැවසීය.
“මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලුදෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. මුළු සභාවටම නැවතත් ස්තූතියි. 10 වන පාර්ලිමේන්තු ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිමි.”
වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගල්අමුණ මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට තිබේ.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ද ලබා ඇත.
එමෙන්ම විෂය කේෂ්ත්‍රයට ආයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී තිබේ.
වෛද්‍යවරයෙක්, වෛද්‍ය පරිපාලන අධ්යක්ෂවරයෙක් ලෙස හා පොළොන්නරුවේ චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස ඇතුළුව වසර 26ක කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ජනතාව වෙනුවෙන් සේවය කළ අයෙකි.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනාප 51,391ක් ලබාගනිමින් පාර්ලිමේන්තු වරම් දිනාගැනීමට සමත් වූවා.