මහනුවර ඇසළ පෙරහැ​ර ස​හ සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර එකම සමය​ක යෙදීම නි​සා අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

පිංනවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහැර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කර ඇත.

නැකැත් එකම කාලයේ යෙදීම නිසා පෙරහැරවල් දෙකට ම විශේෂයෙන් මහනුවර පෙරහැරේ අලි ඇතුන්ගෙන් කොටසක් සහභාගී වීම හේතුවෙන් අලි ඇතුන් සොයාගැනීමේ දුෂ්කරතාවයක් මහනුවර දළදා මාළිගාවට වගේම සිව් මහා දේවාලවලට අද මුහුණදීමට සිදුව තිබෙන බවත්, විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු පිරිසට වරින් වර හීලෑ අලි ඇතුන් සංගමය විසින් දැනුවත් කිරීම් කර ඇති බව​ත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල මහතාගේ ඉල්ලීම පදිරි අත්ගොව්වන් පුහුණු කිරීමේ වැඩසටහනක් “නයිටා” ආයතනය මඟින් සූදානම් කර ඇති බව ද දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළේය.