බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා පැවැත්වෙන බව අගමැති රිෂි සුනක් පවසයි.

ඊයෙ(22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව නිවේදනය කළේය.

මහ බ්‍රිතානයේ වසර පහකට වරක් මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර අවසන් වරට මහ මැතිවරණය පැවැත්වූයේ 2019 වසරේදීය. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරිමට කොන්සර්වේටිව් පක්ෂය සමත්විය.

මැතිවරණයක් කැඳවීමට බලය අගමැතිවරයාට ඇති අතර ඔහුට හිමි බලතල ප්‍රකාරව ඔහු ඊයෙ දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කලේය.