මින් ඉදිරියට මෙරට පැවැත්වෙ​න කිසිදු මැතිවරණයක් සඳහා තමන් තරඟ කිරීමට ඉදිරිපත් නොවන බව හිටපු ජනප​ති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්කෙ​රූ නමුත් නමුත් තමන් පූර්ණකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වෙහෙසෙන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා

එමෙන්ම තමන් ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බවත් ඔහු සදහන් කළා

තමන් මැතිවරණයට ඉදිරිපත් නොවුනත් තමන්ගේ පුත් දහම් සිරිසේන ඉදිරි කාලයේදි දේශපාලනයට පිවිසෙන බවත් ඒ අනුව ඔහු පොළොන්නරුව ආසනය නියෝජනය කරමින් දේශපාලන පිටියට පිවිසෙනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.