එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව පවසයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා,

ර​ට බංකොලොත් භාවයෙන් මුදාගන්න, රටේ ආර්ථිකය හදන්න, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග එකඟතාවයන් පවතින බවත්, මැතිවර​ණ දෙකම අවුරුදු දෙකකට කල් දැමීම තුළි​න් රටේ පවති​න ප්‍රශ්න නිරවුල් කරගෙන මැතිවරණයට යා හැකි බවත් ඔහු වැඩිදුරත් පවසා ඇත.