මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවල ඉහළ කළමනාකාරිත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අනුව එම පත්කිරීම් වලට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව,
දැනට පුරප්පාඩුව පවතින වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා කොස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එම්.කේ. ප්‍රදීප් කුමාර මහතා පත් කර ඇත.
දැනට පුරප්පාඩුව පවතින සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරී, පී. එම්. කේ.හෙට්ටිආරච්චි මහතා පුර්ණ කාලීනව වැඩ බැලීම පිණිස පත් කර ඇත.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි එස්. එච්. ඩී. කළුතන්ත්‍රි මහත්මිය වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් යභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට සහ ඒ අනුව පුරප්පාඩු වන කළමනා කරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි විමල් එස්. කේ. ලියනගම මහතා පත් කර ඇත.
දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. ඩී. එන්. ජයවීර මහතා නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කිරීමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කර ඇත.