ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු  කොමිසම සදහන් කර ඇත.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු  කොමිසම 2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කර කරමින් මෙය පවසා තිබේ.

විශේෂයෙන්ම මෙරට හින්දු සහ මුස්ලිම් ජනතාවගේ  ආගමික නිදහස කඩ වී ඇති බව මෙහි දී මූලික වශයෙන්ම අනාවරණය වී ඇත.

මේ සඳහා මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව වාර්තාව ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම චීනය, ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව, යන රටවල් ද ආගමික නිදහසට බාධා එල්ල වන රටවල් අතරට අදාළ වන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.