මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව ලිට්‍රෝ  සමාගම සදහන් කර ඇත.

අදාළ මිල සංශෝධනය වන ගණන පිළිබඳව හෙට (මැයි 3) දිනයේදී නිල වශයෙන් දැනුම් දෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහත දැමීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ මිල සංශෝධනයන් හෙට (මැයි 3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.