මෙරට ඇමරිකානු තානාපති ජුලී චංග් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී මෙරට ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡා කළ බව වාර්තා වේ.

මෙහිදි ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ බොහෝ රටවල් මේ වසරේ මැතිවරණයකට මුහුණ දෙන බැවින්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ කුළුණක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ජූලී චංග් වැඩිදුරටත් පවසා සිටියා

සාකච්ඡාවෙන් පසුව, තානාපතිනිය මේ පිළිබද  X සටහනක් ද තබා තිබෙනවා.