මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (SAFF) ශූරතාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කිරීම ඊයේ (17) ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්විණි.

තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 8ක් සහභාගී වන අතර වත්මන් ශූර ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයට ඇතුළත් වීම විශේෂත්වයක් වේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට FIFA විසින් පනවනු ලැබූ තහනම නිසාවෙන් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලිය සඳහා සහභාගි වීමට නොහැකිවී තිබේ.

ඒ අනුව 14 වැනි SAFF ශූරතා තරගාවලිය ජුනි 21 වැනිදා සිට ජූලි 4 වැනිදා දක්වා බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතය.

A කාණ්ඩය – ඉන්දියාව, කුවේට්, නේපාලය, පකිස්ථානය

B කාණ්ඩය – ලෙබනනය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය

 

නිර්මාණි ගුණරත්න