මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

එම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර පොලීසිය පවසන්නේ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බවය.

එහිදී 22mm පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.