වසර 30 ක් පුරා පැවති LTTE ත්‍රස්තවාදය මුලුමනින්ම  අවසන් කර අද (18)  දිනට වසර 14ක් සපිරේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE  නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

යාපනයේ නගරාධිපති ධුරයේ කටයුතු කළ ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා ඝාතනයෙන් ඇරඹි LLTE ත්‍රස්තවාදී ඝාතන රැල්ල හරහා මෙරටට අහිමි වූ ජිවිත සංඛ්‍යාව ලක්ෂයකට අධික වේ.

බිම් බෝම්බ, මර උගුල් හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගනිමින් අහිංසක ජිවිත ගණනනාවක් විනාශ කිරීමට LTTE කටයුතු කෙරිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන  සමයේ එවකට යුධ හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් 2006 වසරේ ජූලි මස 26 වනදා රණවිරුවන් විසින් මානුෂිය මෙහෙයුම මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමත් සමඟ
ආරම්භ කළේය.

එමෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

එමෙන්ම  යුද ජයග්‍රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.