කර්මාන්තකරුවන් නගා සිටුවීමේ පරමාර්ථයෙන් කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ පවසා සිටියා

විශේෂයෙන් මෙහිදී 7%, 8% වැනි සහන පොළී මත ණය ලබාදීමට කටයුතු කරන බවද වාර්තා වනවා.