මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණ තර්ජන එල්ල වී තිබෙනවා

ඊයේ (15) පස්වරුවේ දුරකථනය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත අදාළ තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබී ඇති බව සදහන්.

ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන බවත් තම තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඝාතනය කරන බවත් අදාළ පුද්ගලයා තර්ජනය කර ඇති බව සදහන් .

ඒ අනුව ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළා.