රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවට පැමිණ තිබෙනවා
ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි .
රුසියානු ජනාධිපති පුටින් වසර 24 කට පසුව මෙලෙස උතුරු කොරියාවේ සංචාරය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
උතුරු කොරියාවට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව පිළිගැනීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගුවන්තොටුපොළ පැමිණ තිබෙනවා
කෙසේ වෙතත් රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින සබඳතාව පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකාව පවසා ඇති බව වාර්තා වේ.
මෙම මිත්‍රශීලී රාජ්‍ය සංචාරයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ කිම් ජොන් උන් අතර ආරක්ෂක ගැටලු ඇතුළු හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ක්‍රෙම්ලිනය පවසා තිබෙනවා