රුසියාවේ  ගොවිපොළවල් වල රැකියා ලබාදෙන බව පවසා මුදල් චංචා කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මොරටුව, කටුබැද්ද, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ රියදුරු පාසලක් පවත්වාගෙන යන මුවාවෙන් පුද්ගලයින් රුසියාවට යවන බව පවසා මුදල් වංචා කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පුද්ගලයින් 140කට වැඩි පිරිසකගෙන් මොවුන් මුදල් ලබා ගෙන ඇති අතර, එහි තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර 09ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් පුද්ගලයෙකුගෙන් අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 06කට වැඩි මුදලක් ලබා ගෙන ඇති බවට පොලිස් විමර්ශන වලදි  අනාවරණය වී  ඇත