අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712 ලෙසත් දැක්වේ

