ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, සිය නිල X ගිණුමේ නම “කෙකියුස් මැක්සිමස්” (Kekius Maximus) ලෙස වෙනස් කර ඇති බව තොරතුරු වාර්තා වේ.
කෙසේවෙතත් තාක්ණික ලෝකය තුළ දැවැන්තයෙක් මෙන්ම ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරි පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් ලෙස සැලකෙන මස්ක්, මෙලෙස X මාධ්‍ය ජාලයෙහි සිය නම වෙනස් කීරිම සහ අන්ත-දක්ෂිනාංශිකයින් අතර මීම් (meme) එකක් වශයෙන් ජනප්‍රියව පැවති පෙපෙ නමැති මැඩියෙකුගේ රූපයක් සිය ගිණුම නිරූපණය කිරීමට යොදාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැති බවයි වාර්තා වන්නේ.
මස්ක්ගේ X ගිණුමෙහි පින්තූරයේ පෙපේ රෝමානු සොල්දාදුවෙකු ලෙස සැරසී, වීඩියෝ ගේම්වලදී භාවිත කරන උපකරණයක් (video game controller) අතැතිව සිටින ආකාරය දැක්වේ.
මස්ක්ගේ මෙම ක්‍රියාව අන්තර්ජාලයේ හුවමාරු වන memes මත පදනම් වූ ඩිජිටල් මුදල් ඒකකයක් වන memecoin එකක අගය තියුනු ලෙස ඉහළ යාමට හේතු වී ඇති බවද විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
මින් පෙර අවස්ථාවලද මස්ක්ගේ සමාජ මාධ්‍ය හැසිරීම් ක්‍රිප්ටෝ මිල කෙරෙහි බලපා ඇති නමුත්, ‘Pepe’ මීම් කොයින් සඳහා මස්ක්ගේ සම්බන්ධයක් ඇතිද යන්න සම්බන්ධයෙන් තවම තහවුරු වී නැත.