මෙව​ර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබානොදෙන බව cricbuzz වෙබ් අඩවිය වාර්තා කරයි.

එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමට ICCය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන තීරණ කර ඇත.

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 2 වනදා ආරම්භ වීමට නියමිත අතර අවසන් මහා තරගය ජුනි 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භයට පෙර සඳහන් කර තිබුණේ තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගයට වර්ෂාවෙන් යම් බාධාවක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් අතිරේක දින ලබාදෙන බවය.

පළමු අවසන් පූර්ව තරගයට එලෙස අමතර දිනයක් ලබාදුන්නත් දෙවන අවසන් පූර්ව තරගයට එලෙස අමතර දිනයක් ලබාදීමට හැකිවන්නේ නැත.

ඒ දෙවන අවසන් පූර්ව තරගයට යම් හෙයකින් එලෙස අමතර දිනයක් ලබාදීමට සිදුවුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා ජයග්‍රාහී කණ්ඩායමට ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ පැය 24කටත් නොඅඩු කාලයක් පමණි.

අදාළ හේතුව නි​සා දෙවන අවසන් පූර්ව තරගයට අමතර දිනයක් ලබානොදී අමතර පැය 4ක් පමණක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසි​න් තීරණය කර තිබේ.