මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබාදීමට  ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා

එමඟින් ප්‍රාදේශීය ප්‍රජාවන්ට එම සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමට සහ ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකිවනු ඇති බව  සදහන්

ඒ සඳහා අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ, සෞඛ්‍ය සේවකයින් සහ මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහිත ආයතන 550ක් දැනටමත් වැඩිදියුණු කර තිබෙනවා.

නව ව්‍යාපෘතිය මගින් සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවලින් 100%ක් ආවරණය වන පරිදි මෙම ප්‍රයත්නයන් පුළුල් කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට නව සහ නැගී එන අභියෝගවලට ඵලදායී ලෙස අනුවර්තනය වීමට සහ ප්‍රතිචාර දැක්වීමට උපකාරී වනු ඇති බව​ට ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි