විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී තිබෙනවා

විරෝධතාවය  හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බව වාර්තා වේ

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් වල​ට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොමැති වීම හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුව විසින්  මුදල් අමාත්‍යාංශය දෙසට  මෙම පාගමන සංවිධානය කර තිබෙනවා

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවද සදහන්