වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නංවමින් පසුගිය අප්‍රේල් මස 30 වැනිදා සිට බලාත්මක වන පරිදි කම්කරු කොමසාරිස්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ එම වතු සේවක වැටුප ලබා ගැනීම සඳහා වැඩ වර්ජන දියත් කිරීමට සූදානම් බව පහතරට වතු කම්කරු සංගමය පවසනවා.

මේ අතර කුඩා තේ වතු හිමියන් ප්‍රකාශ කරන්නේ රුපියල් 2000 දක්වා වුවද වතු සේවක වැටුප් ඉහළ නැංවිය හැකි බවයි.

කෙසේ නමුත් මුදල්  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා  ප්‍රකාශ කළේ  රජයට අයත් වැවිලි ආයතන සතු කෝටි 500 කට අධික හිඟ වැටුප් පොලියත් සමග වැවිලි සේවකයින්ට ලබා දීමට කටයුතු කරන බවයි