මාසයක සි​ට වවුනියාව මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා වෛද්‍යවරු හා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

මීට පෙර එම යන්ත්‍රය ක්‍රියා විරහිත වූ අවස්ථාවේදී කොළඹින් ගිය කාර්මික නිලධාරීන් පිරිසක් එය අලුත්වැඩියා කොට තිබුණා.

වවුනියාව රෝහලට ඇත්තේ එක සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නිසාත්, රෝගීන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සී.ටී. ස්කෑන් යන්ත්‍රය වැඩි වශයෙන් භාවිත කරන බවයි රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

දැනට පරීක්ෂණ සිදු කළයුතු රෝගීන් අනුරාධපුරය හෝ යාපනය රෝහල්වලට යැවීමට සිදුව ඇතත්, එම රෝහල්වල පරීක්ෂණ සඳහා දැඩි තදබදයක් පවතින බව පැවසෙයි.

වවුනියාව මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය අලුත්වැඩියා කරදෙන ලෙස රෝහල් පාලන අධිකාරිය වගකිවයුතු අංශවලින් ඉල්ලා ඇතත් තවමත් ඊ​ට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා ​වේ