අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බවයි .
ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය .
තවද ආර්ථික ප්‍රගතිය මේ වනවිට ජනතාවට ලැබී ඇති බව පැවසූ ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ද ශක්තිමත් වී ඇති බවයි.
විදේශ විනිමය මේ වනවිට බිලියන 3 ක් දක්වා, ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා තව දුරටත් පෙන්වා දුන්නා.
කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් අපනයන සඳහා විදේශ වෙළඳපොල විවෘත කරගැනීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.