2023 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ විශේෂ භාණ්ඩ තොගයක් සොරකම් කර තිබු අතර කැනේඩියානු මාධ්‍යන්ට අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 16කි.

ඒ අතරට සම්පූර්ණ බර කිලෝ 400ක් වන රන් කුට්ටි 6,600ක් සහ විදෙස් මුදල් තොගයක් ද අයත්විය.

කැනඩාවේ සිදුවූ මෙම විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද අයත් බවයි