ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලෝක රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලෝක රග්බි පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

මෙරට රග්බි ක්‍රීඩාවේ පාලනයට දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ලෝක රග්බි අතුරු නීති කඩකිරීමක් සම්බන්ධයෙන් මතුව ඇති කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන තිබේ.

මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඇති විය හැකි බාධක අවම කිරීම සඳහා රග්බි ජාත්‍යන්තර සම්මේලනය සහ කලාපීය සංගමය සියලු පාර්ශවකරුවන් සමඟ එක්ව කටයුතු කරන බවට ලෝක රග්බි කවුන්සිලය සහ ආසියා රග්බි සම්මේලනය එකඟ විය” යනුවෙන් ලෝක රග්බි පාලක මණ්ඩලය සඳහන් කරයි.

“පළමු ප්‍රමුඛතාවය වන්නේ පාලන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කිරීමයි. මෙම ගැටලු නිරාකරණය කර ගැනීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට ආසියාවේ ඉදිරි තරඟ සහ තරඟාවලි සඳහා සහභාගී වීමට හැකි වනු ඇත,” යනුවෙන්ද ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

Kavindu Kariyawasam