මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩාය​ම ඉවත්ව ඇති බව  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පන්දුවාර 20 ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවත් වීමට ​ශ්‍රී කණ්ඩායමට සිදුවුණේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් බංග්ලාදේශය ජය ගැනීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව​ට සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමේ අවසන් අවස්ථාව ද ගිලිහී ගියේ බංග්ලාදේශය හමුවේ නෙදර්ලන්තය මෙම තරගයෙන් පරාජයට පත්වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ලෝක කුසලානයෙන් ඉවත් වුව ද ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය ලෙසින් ලබන 17 වනදා ග්රෝස් අයිලට්හිදී නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයට සහභාගී විය යුතු අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා යාමට නියමිතයි.