ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට මොහොතකට පෙර සිදුකෙරුණි.
ඒ අනුව, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සිවිල් පරිපාලකයින් පුහුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් මෙලෙස පාර්ශ්ව දෙක අතර හුවමාරු කරගෙන තිබේ.
ඒ දෙරට නියෝජනය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ය.
ඉන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ දෙරටේ රාජ්‍ය නායකයින් දෙරටේ ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව අදහස් දක්වනු ලැබුවේය.
එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිට මෙරට සංචාරයක නිරත වන ලෙසද ආරාධනා කළේය.